ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ තරුණ පාර්ලිමේන්තු සංසදයේ අවධානය

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත (National Youth Policy) සම්බන්ධයෙන් තාරුණ්‍යයේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු කෙරුණා.

ඒ, තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ හයවන රැස්වීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීයි.

මෙහිදී ජාතික තාරුණ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ අතර, තාරුණ්‍යයේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිපත්තියට ඇතුළත් කර ගැනීම සඳහා සංසදයේ සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමට ද අවධානය යොමු කෙරුණා.

තරුණ ප්‍රජාවගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට වඩාත් ඵලදායී ලෙස එක්කර ගැනීම සඳහා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය අඛණ්ඩව කටයුතු කරන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙම සංසදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14