spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ජන බලවේගයට හර්ෂගෙන් නැවතත් ආරාධනා

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට වාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා නැවත වරක් ආරාධනා කළා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ටිල්වින් සිල්වා එක්වරක තමන් කාල් මාක්ස් , ලෙනින්ගේ අනුගමනය කරන බව පවසන බවත් හරිනි අමරසූරිය ඒ ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා.

සමගි ජන බලවේගයට ආර්ථික වැඩපිළිවෙළක් ඇති බවත් එය තම පක්ෂය වසින් ඉදිරිපත් කර ඇති බවත් මන්ත්‍රීවරයා සදහන් කළා.

විවෘත ස්ථානයක ,මෙම විවාදය පැවැත්වීමට තම පාර්ශවය එකඟ බවත් ඒ සදහා පැය පහක කාලයක් වුවද වෙන් කිරීමට හැකි බවත් ඔහු කියා සිටියා.

මෙම පක්ෂ දෙකේ ආර්ථික කමිටු සාකච්ඡාවෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදය පැවැත්වීමට හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?