ජාතික ජනබල වේගය අද නුගේගොඩ වටලයි

“ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමාකරමු” යන තේමාව යටතේ පැවැත්වෙන “ජාතික ජන බලවේගයේ” විරෝධ රැලිය අද (23දා) නුගේගොඩ දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කිරීමට නියමිතයි.

පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණීමෙන් පසු රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගි වීමට නියමිතය.

මේ අතර පෝලිම්වල ලැග සිටිමින් ආණ්ඩුවේ සැප විඳින අයට තව තවත් ශාප කිරීමෙන් පමණක් ඵලක් නොවන බවත් අද ජාතික ජන බලවේගයේ නුගේගොඩ රැලියට පැමිණ තම විරෝධය දක්වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එම නිසා තමන්ගේ පක්ෂ, පාට භේද හෝ පරම්පරාගත දේශපාලනය ගැන නොසිතා තම විරෝධය ඉතා විවෘතව ප්‍රකාශ කිරීමට ඇති හොඳම තැන හා අවස්ථාව ජාතික ජන බලවේග රැලිය බවත් අදසවස 3.00ට නුගේගොඩ දෙල්කඳ හන්දියට පැමිණ මේ 74 වසරක ශාපය නිමා කිරීමට දායක වන ලෙස ද ඔහු ඉල්ලීමක් කර සිටිනවා.

ආණ්ඩුව ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහි වීම ජනතාවගේ සැබෑ අයිතියක් බවත් විශේෂයෙන්ම රටේ ගෑස්, තෙල් පෝලිම් මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තුළ තවත් දැරිය නොහැකි දැඩි ආර්ථික පීඩනයකට ජනතාව ගොදුරු වී සිටින බවද ඔහු පෙන්වා දුන්නේ.

ආණ්ඩුව පලවා හැරීමෙන් පමණක් මෙයට විසඳුම් නොලැබෙන අතර ජනතාව එක්ව ජනතාවාදී පාලනයක් ගොඩනැඟීමට එක්වන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24