ජාතික ගීය ගැන CIDයට තවත් පැමිණිල්ලක්

පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උළෙලේදී ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කළ ආකාරය උපයෝගී කර ගනිමින් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු පවසනවා.

ජාතික ගීය මුවාවෙන් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවට චෝදනා කරමින් ප්‍රසංග ප්‍රනාන්දු සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටු කර ගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවයි.

ජාතිවාදය මතින් හෝ බලයට පැමිණීමට ඇතැම් කණ්ඩායම් සිදු කරන උත්සාහයන් අතර විටින් විට ජාතිවාදය ඇවිලවීමේ කටයුතු සිදු වන බවටයි ඔහු චෝදනා කළේ.

එවැනි කුමන්ත්‍රණ පිළිබඳ සොයා බලා පරීක්ෂණ ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔවුන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21