ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටු රැස්වීමට ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටු රැස්වීම ඊයේ (මැයි 21) දින බත්තරමුල්ල පිහිටි මඟනැගුම – මහ මැදුර සංකීර්ණයේ දී පැවති අතර, එම කමිටුවේ සම සභාපතිත්වය දරන ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද ඊට සහාභාගී වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිළිබඳ චිකාගෝ සම්මුතියට (Chicago Convention) අනුකූලව, ශ්‍රී ලංකාවට අයත් වන දේශ සීමා කලාපයන්, දේශ සීමා මුහුදු කලාපයන් සහ විවෘත මුහුදු කලාපවලින් සැදුම්ලත් සෙවීම සහ මුදවා ගැනීම් කලාපය (SRR) තුළ, ගගන නාවික සහ සමුද්‍රිය සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධීකරණය සහ සේවා සැපයීමේ වගකීම පැවරෙනු ඇති බවයි.

සෙවීම් සහ මුදවා ගැනීම සන්නිවේදනය, වෛද්‍ය ආධාර සේවා, කාර්යක්‍ෂම ආපදා අනතුරු ඇඟවීම් සිදු කිරීම සහ ජාතිකත්වය හෝ තත්ත්වය නොසලකා ආපදාවට ලක්වන ඕනෑම පුද්ගලයෙකුට උපකාර කිරීම ඇතුළුව, අදාළ කලාප තුළ ඵලදායී, ප්‍රමාණවත් සහ මූලික සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධීකරණය සහතික කිරීම, සෙවීම සහ මුදවා ගැනීම් කලාප පිහිටුවීම තුළින් බලාපොරොත්තු වනවා.

ඒ අනුව, 2023 අගෝස්තු 28 දින අංක 2347 – 02 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත පරිදි ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටුව පිහිටුවන ලද අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් පද්ධතිය සඳහා උපාය මාර්ගික සම්බන්ධීකරණය, මග පෙන්වීම සහ නායකත්වය සැපයීමයි.

මෙම කමිටුව මගින් ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම සිදුවීමකදී හෝ එවැනි අවස්ථාවක් රහිත වන විට අවම වශයෙන් වසරකට වරක් රැස්වීම් පැවැත්වීම අනිවාර්ය වනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටුවෙහි (NASC) සම සභාපතිත්වය දරනු ලබනවා.

ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම, රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් විශේෂයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, පොලිස් අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා ආශ්‍රිත ක්‍ෂ්ත්‍රයන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ආරක්‍ෂක ලේකම්වරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49