ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

ශ්‍රී ලංකා සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම් තේරීමේ අවසන් තීරණය උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ගත යුතු බව සෙසු තේරීම් කමිටුවට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය සහ වයස අවුරුදු 19න් පහළ ඇතුළු සෙසු කනිෂ්ඨ ක්‍රිකට් සංචිත තේරීමේ අවසන් තීරක බලය ජාතික තේරීම් කමිටුව සතු බවත්, සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වලට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අනුමැතිය අනිවාර්ය වනවා.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව, කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව සහ කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුව යන කමිටුවල සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (27) දින පැවැති විශේෂ රැස්වීමේ දී එම තීරණය ගෙන තිබෙනවා.