ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකී යාම ඇතුළු සංවේදී කරුණු කීපයක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අවස්ථාවක එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමියන් විසින් ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) දින නියෝග කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර්ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහාත් මැයි මස 07 වන දා කැඳවන ලෙස නියෝග කළා.
.
එදිනට පෙර වග උතරකරුවන් වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු එහි සාමාජිකයින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කර සිටින වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම 2022 වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් එක් වරක් ඉවත් කළ සමාජිකයෙකු නැවත එම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ අමාත්‍යවරයාට බලයක් නොමැති බවත් පෙත්සමෙන් කියා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කෝප් හා කෝපා කමිටුවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමේ සිද්ධිය පදනම් කරගෙන ඔහු ඉවත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම මහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මැකියාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර විමර්ශනයක් පැවැත්වෙන බවත් එම අධිකාරියේ දත්ත ගබඩාවට අනවසරයෙන් ප්‍රවේශ වීම සිද්ධියක් සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සාමූහිකව වගකීමට වග උත්තරකාර සභාපතිවරයා බැඳී සිටින බවත් සඳහන් කර සිටිති.

වග උත්තරකාර වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමේදී විෂය භාර අමාත්‍යවරයා ඉහත කරුණු සැලකිල්ලට භාජනය කර නොමැති බවත් අත්තනෝමතික ලෙස සිය බලය ක්‍රියාවේ යොදවමින් ඔහු සභාපති ධුරය සඳහා පත්කිරීමට අමාත්‍යවරයා ක්‍රියාකර ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

එසේම ඉකුත් කාලයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත චෝදනා එල්ල වී තිබෙන බවත් පෙත්සම්කරු සදහන් කරයි.

මෙවැනි වාතාවරණයක් හමුවේ වග උත්තරකාර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඒ මහතා අදාල ධුරයේ කටයුතු කිරීම පෙත්සම් විභාගය අවසන් වන තෙක් වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49