ජාතික උරුමයන් සුරැකීමට ගෙන ඇති පියවර ගැන සාකච්ඡාවක්

ජාතික උරුමයන් සුරුකීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් ගෙන ඇති පියවර පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්ම වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, සංචාරක ප්‍රවර්ධන කාරයාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් එක්වුණා.

මෙහිදී කුරුන්දි විහාරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ මැදිහත් වීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. එසේම දැනට ලංකාවේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත යැයි හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ස්ථාන සහ ප්‍රකාශයට පත් කිරීමට ඇති ස්ථාන පිළිබඳවද සාකච්ඡා කෙරුණා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් සහ පළාත් වශයෙන් මෙම පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන සංරක්ෂණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

තවද පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන ලෙස හඳුනාගත් වර්තමානයේ විනාශ වී ඇති හෝ විනාශවීමට සම්භාවිතාවක් ඇති ස්ථාන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා. මේ අනුව පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් කළ සහ නොකළ ස්ථාන සහ මේවායින් දැනට විනාශ වීම සිදු වී ඇති ස්ථාන සහ විනාශවීමේ අවධානම සහිත ස්ථාන දිස්ත්‍රික්ක වශයෙන් මෙම කමිටුවට ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර නිර්දේශ කළා.

එසේම පුරාවිද්‍යා අරමුදලක් ඇති කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කරමින් පවතින බවයි පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ.

මෙහිදී කැදවා තිබූ අනෙකුත් ආයතන ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වීම ද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36