spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ඉන්ධන අවසර පත්‍රය මාස දෙකකින් අහෝසි

ජාතික ඉන්ධන අවසර පත්‍රය ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙය පිළිබදව කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දී ඊයේ (29) දිනය වනවිට වසර කාලයක් සම්පූර්ණ වී තිබෙනවා.

ඒ, අනුව ඊයේ දිනය වන විට වාහන 6,527,684ක් ඒ සඳහා ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින් නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍යවරයා සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?