ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාවයි – ජනපති

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබාදෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් පවසනවා.

ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර, ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබාදෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායීතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරි සහාය ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළා.

පොළී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාව බවද සඳහන් කර සිටියා.

එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම් ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයිමේදී කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව ද පැවසුවා.

ඒ, අනුව ජනතාවට සේවා සැපයීමේ දී ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කර ගැනීමේ හැකියාව ද සාකච්ඡාවට ලක් වුණා.

පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්, කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කළා.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු යන අය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06