ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි

2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරණ 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබනවා.

2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර, අයදුම් කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන්.

2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර ඇති අයදුම්පත් සලකා නොබැලෙන බැවින් එම අයදුම්කරුවන් නැවත මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43