ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාවේ කීර්තිය කුණු කුඩයට දමයි

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

“2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ. 2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36