ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.

1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එහිදි කම්කරුවන් විශාල පිරිසක් මියගිය අතර තවත් පිරිසක් අත්අඩංගුවට පත්විය.

කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට 1889දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එදින සිට මැයි මස පළමු වැනි දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරයි.

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරේ.

කෙසේවෙතත් මෙවර ද ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි තහනම් කිරිමට පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

පසුගිය වසරේද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින සැමරුම් නොපැවැත්වුණු අතර 2019 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මැයි දින සැමරුම්වලට බාධා පැමිණියේය.

මේ අතර පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කිසිදු අයුරකින් සැමරුම් උත්සව නොපැත්වීමට තම පක්ෂය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේවෙත් ඇතැම් පක්ෂ කිහිපයක් අන්තර්ජාලය භාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා කම්කරු දින සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබේ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය හරහා කම්කරු දිනය සැමරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.

පෙරටුගාමි සමාජවාදී පක්ෂය ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිය පක්ෂය කම්කරු දිනය සැමරීමට කටයුතු කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් සිය පක්ෂයේ කම්කරු දින සැමරුම් උත්සව පැවැත්විමට සූදානම් කර ඇති බව වාර්තා වේ.

මේ අතර  රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම සඳහා වැඩකරන ජනතාව අධිෂ්ඨාන කරගත යුතු බව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සමාජයේ පවතින සුරාකෑම නැති  කිරීම මඟින් පමණක් රට දියුණු කළ හැකි බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32