ජාත්‍යන්තර 20-20 පිටිය හෙල්ලූ බාබර් සහ රිස්වාන්ගේ වාර්තාගත සබඳතාව (වීඩියෝ)

ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක ආරම්භක කඩුල්ලට වාර්තා වූ හොඳම සබඳතාව තම නම් ඉදිරියේ ලියා ගන්නට පාකිස්ථාන පිතිකරුවන් වන බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඊයේ සමත් වුණා.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ කරච්චි හිදී පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දීයි.

එහිදී බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භ කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 203ක්.

මෙම විශිෂ්ඨ සබඳතාවත් සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු දහයකින් ජය ගන්නට සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිළ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 05කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 199ක්.

ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානුවන් එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු 03ක් තුළ සපුරා ගත්තේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ගේ අනුකම්පා විරහිත ප්‍රති ප්‍රහාරය හමුවේයි.

එහිදී නායක බාබර් අසාම් සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 110ක් රැස්කළ අතර ඊට හයේ පහර 05ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.

අනෙක් අන්තයේ කඩුල්ල රැක ගනිමින් මෙම වාර්තාගත සබඳතාව ගොඩනැගීමට දායක වූ මොහොමඩ් රිස්වාන් පන්දු 51ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 88ක්.

මෙම වාර්තාගත ජයත් සමඟ දෙරට අතර පවැත්වෙන තරග 07කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දෙපිළම එක් තරගය බැඟින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින්..

https://youtu.be/FLJUQjwP820


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14