ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට සම්මාන ද්විත්වයක්

චීනයේ ෂැංහයි නුවර පැවති 27 වන ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උලෙළට සහභාගී වූ “රිවස්ටන් (Reverstone ) චිත්‍රපටයෙහි විශිෂ්ටතම තිර රචනය සහ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණයට වූ සම්මාන ද්විත්වය ශ්‍රී ලාංකික කලාකරුවන් දෙදෙනකුට හිමිවුණා.

මෙම චිත්‍රපටයෙහි තිර රචනය සිදු කළ ලලිත් රත්නායක සහ කැමරා අධ්‍යක්ෂණය සිදු කළ ප්‍රභාත් රෝෂන් මෙම සම්මාන ද්විත්වය හිමි කර ගනිමින් ඊයෙ (23) රාත්‍රියේ දී යළි දිවයිනට ළඟා වුණා.

සම්මාන උලෙළ පැවැත්වුණේ ඉකුත් ජුනි මස 15 වැනි දින සිට ජුනි 22 වැනි දින දක්වා චීනයේ ෂැංහයි නුවරදීයි.

මෙම චිත්‍රපට උලෙළේ දී සම්මාන ද්විත්වයක් හිමි කර ගත් එකම චිත්‍රපටය වූයේ ද මෙම රිවස්ටන් චිත්‍රපටයයි.

ඔවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙන්ම මෙම ක්ෂේත්‍රයේ කලාකරුවන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.