ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.
G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වනදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවෙකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර බැන්ඩුන්ග් මුලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජයේ නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැත් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් ද, නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති ධූරය අසර්බයිජාන ජනරජය මගින් ද දැරූ අතර, මෙම සමුළු ද්විත්වයෙහිම සභාපති ධූරය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද එක් වනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50