ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමකින් කොළඹ විශ්වවිද්‍යාලයට ලැබුණ තැන

ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කර තිබෙනවා.

ජාත්‍යන්තරව පිළිගත් සෙසු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි ද කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති අතර, 2021 වසරේ සිමාගෝ ආයතනික ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ද ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්ව විද්‍යාලය බවට පත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයි.

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ විශ්ව විද්‍යාලය පීඨ නවයක්, ආයතන හතක්, මධ්‍යස්ථාන හතක්, මණ්ඩපයක් හා පරිගණක විද්‍යායතනයකින් සමන්විත වනවා.

බහුවිධ ශාස්ත්‍රීය ශික්ෂණ හා අධ්‍යයන ධාරා රාශියක් අධ්‍යයනය සඳහා අවකාශ සලසාදෙන කොළඹ විශ්වවිද්‍යාලය තුළ ප්‍රථම, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර ආදී පාඨමාලා හදාරන වශයෙන් විද්‍යාර්ථියින් 37,636 ක් අධ්‍යාපනය ලබනවා..

2022 වසරේ මුල් අදියරේ වෙබෝමෙටි්‍රක්ස් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණීම මඟින් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවයකින් යුත් පර්යේෂණ, ඉගැන්වීම් ක්‍රියාවලියේ විශිෂ්ටත්වය, ජාත්‍යන්තර පිළිගැනීම හා ප්‍රජාව, ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍ර සමග ඇති සබඳතාවය ඉස්මතු වන බව එම විශ්ව විද්‍යාලය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12