ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ නිල නිවේදනය නිකුත් කරමින් පවසනවා.
.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදු කරන ලද, ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම, රටේ ජනතාවගේ ඉවසීම හා විශ්වාසය තුළ මෙම අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වූ පසුබිම සකස් වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
“මාස 08ක සමස්ත ක්‍රියාවලියක අවසානයේ දී, ජනාධිපතිතුමාගේත්, මුදල් අමාත්‍යාංශයේත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම අනෙකුත් ආයතන වල අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ ද අපේ රටේ ණය හිමියන්ගේත් අනෙකුත් රටවල් වලත් සහයෝගය සමඟ අපි අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල සඳහා පිවිසීමට අවස්ථාව ලබා ගත්තා. මෙම අනුමැතිය රටට මේ වෙලාවේ අත්‍යවශ්‍යම වී තිබුණ කරුණක්. දැන් තමයි අපි සියළු දෙනාම තවදුරටත් සහයෝගයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති කරගත යුත්තේ. තවදුරටත් අපි ඉවසිලිවන්තව මේ ප්‍රතිසංස්කරණයන් තුළ කටයුතු කළ යුතුයි.”
ජනාධිපතිවරයා විසින් තමා වෙත පවරන ලද වගකීම, මහජන නියෝජිතයෙකු වශයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ද මැනවින් ඉටු කරන ලද බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම හෙට (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.
මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.”
ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹිණි. ඇමරිකානු ඩොලර් බිලියන 3ක මෙම වැඩසටහන මඟින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකා රජය, රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමඟ සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතියෙන් පසුව, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුකිරීමට බලාපොරොත්තු වේ.














kakkussi wala pirila ithirila gihin palathama gandha gahanakota boga thadha wela wasikiliyata ringapu ekek commode eka pirenna gu godak dala eka cystern eka flush kalama bata dige awith pirila ithirila yana kakkussi walatama patha bawuna wageyi wedak. Dollar Billion 50ka kisidaka gewala iwara karanna beri naya kandak nisa balen bankoloth kala ratak naya hinga kala eka ganna ratema inna wurthikaya, sewakaya, kamkaruwa, duppatha dakwa adhika badhu bara ahasa usata badu mila saha gewiya nohaki lesa bill wadi karala thawath gewa ganna beri naya kandhak aragena sathuruwena ujaru wena hurreyi dala moda musala kalakanni ewun inne me ratema witharak wenna athi.