ජාත්‍යන්තර මාධ්‍යයේ අනුරගේ සම්ප්‍රාප්තිය ‘ වාමාශිංක දේශපාලනයේ අතිවිශිෂ්ට ජයක්’ ලෙස ලියවෙයි (ඡායාරූප)

මෙරට 09 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ විශාල ඉඩකඩක් වෙන්ව තිබෙනවා.

ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය රැසක් වාමාංශික දේශපාලනයක ආගමනයක් යනුවෙන් එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ නව ජනපති සම්ප්‍රාප්තිකයාව හඳුන්වා ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ඒ අතර ප්‍රධාන විදෙස් මාධ්‍යයන් වන BBC, Al JAZEERA, REUTERS, CNN, AP, SKY, THE HINDU, NDTV, THE GUARDIAN සහ Bloomberg පුවත් සේවයන් වනවා.

බීබීසී ප්‍රවෘත්ති සිය ශීර්ෂපාඨය ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නව ජනපති සම්ප්‍රාප්තිකත්වය වාර්තා කර ඇත්තේ; ”Sri Lanka swears in new left-leaning president” යනුවෙන්.

ලිබරල්වාදී සහ වාමාංශික ප්‍රතිපත්ති මිශ්‍රව කාලයක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන තන්ත්‍රය සිදු කෙරුණු බවත් මෙවර වාමාංශික දේශපාලනය ඔටුනු පළඳා අවසන් බවත් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

CNN පුවත් සේවය අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය පළ කර ඇත්තේ; ” ආර්ථිකය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් මාක්ස්වාදී නැඹුරුවක් ඇති ‘දිසානායක’ ජනාධිපතිවරයා ලෙස තෝරා ගනී” යනුවෙන්. (Sri Lankans elect Marxist-leaning Dissanayake as president to fix economy)

රුසියානු නැඹුරුවක් සහිත රොයිටර්ස් පුවත් සේවය අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ; ‘Sri Lankans elect Marxist-leaning Dissanayake as president to fix economy” යනුවෙන් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළ ශීර්ෂපාඨයම වීම ද විශේෂත්වයක්.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ඡා කරන පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙනස් ආකාරයක ශීර්ෂපාඨයක් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ අයි.එම්.එෆ් අර්බුදකාරී තත්ත්වයක පවතින අවස්ථාවක දී නව වාමාංශික ජනාධිපතිවරයෙකුගේ ආගමනය සිදු ව ඇති බවත්; ඔහු මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය සහන ලබා දීම සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීමට සූදානමකින් සිටින බවටයි.

එය බ්ලූම්බර්ග් වාර්තා කර ඇත්තේ; ”Sri Lanka’s Leftist President Takes Office as IMF Worries Grow” යනුවෙන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධ දරුණු කප්පාදු පියවර මගින් ජාතිය බංකොලොත් කිරීම සහ ආර්ථික වේදනාවන් ඇති කිරීම සම්බන්ධයෙන් ඡන්දදායකයින් දොස් පැවරූ රටේ ප්‍රභූන් නෙරපා හරිමින්, අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් පසු ශ්‍රී ලංකාවේ නව වාමාංශික ජනාධිපතිවරයා අද දිවුරුම් දුන් බවටයි එම විදෙස් මාධ්‍ය සිය ප්‍රවෘත්තියෙහි සඳහන් කරන්නේ.

Disanaya
the guardian
reuters an
AP
aljazeera
the hindu
NDTV Anura


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32