spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නුවරඑළියේ දී STF භාරයට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කහනවිටගේ දොන් නන්දසේන හෙවත් නන්දසේන නම් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (27) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක සිය දෙවන බිරිද සමඟ සැගව සිටියදීයි.

කිරිබත්ගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී පසුගිය දෙවනදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගය මොහුට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහු සතුව ඇති වත්තල සහ ගනේමුල්ල ප්‍රදේශවල සුවිසල් නිවාස දෙකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හා බැරකම් විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය දිනවල විමර්ශණ කටයුතු ඇරඹීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?