spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර භාෂා පරිවර්තකයන්ගේ දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

ජාත්‍යන්තර භාෂා පරිවර්තකයන්ගේ දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (30) රාජගිරියේ පිහිටි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම උත්සවයේ දී  “රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හා ගමන් මඟ” සහ “රාජ්‍ය භාෂා අත්පොත” රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ප්‍රින්ස් සේනාධීර විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගන්වනු ලැබූවා.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂාවන් පරිවර්තනය සඳහා වූ වෙබ් අඩවිය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් ජනගත කර කළා.

සෑම වසරකම සැප්තැම්බර් මස 30 වන දින ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස 2017 වසරේ මැයි මස 24 දින රැස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් නම් කරනු ලැබුවා.

ඒ, අනුව විශේෂයෙන් විවිධ භාෂා ව්‍යවහාර කරන විවිධ ජාතීන්ගේ සමන්විත රටවල එම විවිධ ජාතීන් අතර සන්නිවේදනය කටයුතු පහසු කිරීම උදෙසා භාෂා පරිවර්තනයේ දිනය නම් කර තිබෙනවා.

WhatsApp Image 2022 09 30 at 2.59.18 PM
WhatsApp Image 2022 09 30 at 2.59.17 PM 1
WhatsApp Image 2022 09 30 at 2.59.17 PM
WhatsApp Image 2022 09 30 at 2.59.15 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?