ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරු නැගෙනහිර හර්තාල් (ඡායාරූප)

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් කර අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අද උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සිදු කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බාධා එල්ල වූ බවයි.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ සංගමය විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති අතර ඒ සඳහා යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සේවක සංගමය, දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ සංගමය, දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුලු දේශපාලන පක්ෂ කිහිපයක් ද සහාය දක්වා තිබෙනවා.

හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් උතුරු පළාතේ මුලතිව්, යාපනය, කිලිනොච්චි දිස්ත්‍රීක්කයන්හි සියලුම වෙළඳසැල් වසාදමා තිබූ අතර වව්නියාව සහ මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි නගරයේ වෙළඳසැල් පමණක් වසාදමා ඇති බව සඳහන්.

එමෙන්ම පෞද්ගලික බස්රථ ද ධාවනයෙන් ඉවත් වීම හේතුවෙන් මගීන් සිය ගමනාගමන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැඩි පීඩාවන්ට පත්ව සිටි අතරම පාසල් රැසක අධ්‍යාපනික කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර අද මුලතිව් වට්ටුවාක්කල් පාලම ඉදිරිපිට සිට මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා දැවන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගී වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී පසුගිය ජුනි 29 වනදා ජලනල එලමින් සිටි සේවක පිරිසකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවීමෙන් පසුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ජුලි 06 වනදා අදාළ ස්ථානයේ සිදුකරන ලද කැනීම්වලදී තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වුණා.

සිදු කරන ලද කැනීම්වලදී මිනිස් අස්ථි කොටස් 13ක් මෙන්ම යුද නිල ඇඳුම් කොටස් හමු වූ අතරම එම නිල ඇඳුම් කාන්තාවන්ගේ බවටයි හෙළිවී ඇත්තේ.

පොලිසිය සැක කරන්නේ අදාළ නිල ඇඳුම් යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා අංශය විසින් භාවිතා කරන ලද ඒවා බවටයි.

අදාළ සිදුවීම පාදක කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ සංගමය චෝදනා කරන්නේ යුද්ධයෙන් පසුව සහ යුද සමයේදී අතුරුදහන් වූ උතුරු නැගෙනහිර සිය දරු මුණුබුරන්ගේ සිරුරු මෙලෙස වල දමා ඇති බවටයි.

මේ හේතුවෙන් එම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදු කර අදාළ අස්ථි කොටස් වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කළ යුතු බවටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මෙම ඉල්ලීම පාදක කරගනිමින් අද දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති අතර ඒ සඳහා සහාය දක්වන ලෙසට උතුරු නැගෙනහිර බස් සංගම්, ගුරු සංගම්, වෙළඳ සංගම්වෙතින් ද ඉල්ලීම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14