ජාත්‍යන්තර කම්කරු දිනය අදයි (වීඩියෝ)

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබෙනවා.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ හතළිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් පැය අටක වැඩමුරයක් ඉල්ලා විරෝධතා සහ පෙළපාලි පැවැත් වුණා.

එලෙස ඇරඹුණු කම්කරු සටන මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, මැයි පළමුවනදා දිනය ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමින්.

ඒ අනුව මෙම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය වුණා.

මෙරට කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමඟ එක්සත්ව පෙළ ගැසුණේ එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ 1927 වසරේ දී ප්‍රථමවරට කම්කරු දිනය සමරනු ලැබුවා.

ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වුණා.

එමෙන්ම එවක බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙන් ප‍්‍රථමවරට මැයි දිනය මෙරට ජාතික නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කෙරුණා.

අනතුරුව 1956 වසරේ මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරනමින් සෑම වසරකම මැයි මස පළමුවනදා මෙරට ජාතික නිවාඩු දිනයක් බවට පත් කළා.

මේ අතර මෙවර මැයි දිනය වෙනුවෙන් ද මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් පෙළපාලි සහ ජනරැළි සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27