ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා පත් කිරීම් සහ තවත් පිරිසකට හදිසි රාජකාරී අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ, මැතිවරණ කොමිෂන් සභාවේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතියට යටත්වයි මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇත්තේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත්කර ඇති අතර තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඩී. වී. පී. අජිත් හේමසිරි, එස්. ජී. ආර්. ගුණසේකර, අයි. ටී. බී. සුගතපාල සහ ඕ. හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නියෝජ්‍ය පොලිස්පති තනතුරුවල වැඩ බැලීමට පත්කර තිබෙනවා.

ජේ. ඒ. කේ. ජයසිංහ, එච්. සී. ඒ. පුෂ්පකුමාර, කේ. එම්. යූ. පී. කළුපහන, ඒ. ඒ. එදිරිමාන්න, එන්. ආර්. එච්. පී. ගුණසේකර සහ එච්. එම්. එන්. එන්. හේරත් යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

Police1
Police2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ණය බරක් තිබ්බට ප්‍රශ්නයක් නෑ - ඇමෙරිකාවත් ලොකු ණය කාරයෙක්
02:25
Video thumbnail
යුධ දෙකකට උර දී කෘතිය ඇයි පාලකයෝ කියවන්න ඕනේ ?
06:36
Video thumbnail
තමන්ගේ වාසිය ගැන බලන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙමු
08:26
Video thumbnail
අපි පළා යන්නේ නෑ, අපි මුහුණ දෙනවා - නීතිඥ සංගමයට ජනාධිපතිතුමා කිව්ව දේ..
14:54
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වූ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
00:51
Video thumbnail
කඩුවක් උස්සන් ඇවිත් බස් එක හරස් කරලා චණ්ඩි පාට් දාපු ජෝඩුව
01:03
Video thumbnail
දිලිත් තරුණයින්ට දීපු පොරොන්දුව - ආයේ රැවටීමට ඉඩ නෑ
07:35
Video thumbnail
තවත් පාතාල අපරාධකරුවෝ 73ක් මෙරටට ගේන්න ඉන්නවා
08:00
Video thumbnail
ස්ටේජ් එක උඩ Vibe වුණ දිලිත් දාපු ඩාන්ස් එක - මාර ෆන් එකක් ගන්නේ
01:33
Video thumbnail
මිනිස්සුන්ට ජීවත් වෙන්නම බැරිවුණා - අපි අභියෝගය භාරගෙන වැඩ කළා
10:18