ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තුටු පඬුරු දෙන්න එපා – උතුරු පළාත් DIGගෙන් නියෝගයක්

මින් ඉදිරියට නව වසර උදාව වැනි ඇතැම් විශේෂ අවස්ථාවල දී තමන් ඇතුළු තම පළාතේ කිසිඳු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට තුටු පඬුරු ලබාදීම සිදු නොකරන ලෙස උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති තිලක් සී.ඒ. ධනපාල පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපතිවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

ඇතැම් පොලිස් නිලධාරීන් නව වසර උදාව වැනි ඇතැම් විශේෂ අවස්ථාවල දී තම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරීන් වෙත තුටු පඬුරු ලබාදීම සිදුකරන බවයි ඔහු එම නිවේදනයේ දක්වා ඇත්තේ.

එමෙන්ම නව වසර උදාවත් සමඟ කිසිඳු පොලිස් නිලධාරියෙකු පුද්ගලිකව තමාව හමු වී සුබ පැතීමට අවශ්‍ය නොවන බවත්, එසේ සුබ පැතීමට අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් ලබා දී හෝ වට්ස්ඇප් කෙටි පණිවුඩයක් මාර්ගයෙන් යොමු කිරීම ප්‍රමාණවත් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Image 2024 12 30 at 11.50.55 AM
  1. Happy to see the Order of S/DIG North. Yes This is how the department can clean. There is a system some senior Police officers as a practice expecting various things from the stations under their supervision even during monthly quarterly inspections to give good recommendation. The most corrupt OICC are able to provide everything in order to cover up their shortcomings. This is how all these roughs in key positions in the Police Department now. Some senior Police officers (BYYO) does not like smart officers. They only like PONNAYO.