ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ගෞරව සම්මානයක්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් පිරිනමා තිබෙනවා.

ඒ මානව හිමිකම් උදෙසා වූ සාම තානාපතිවරුන්ගේ සංවිධානය මගින්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රට වෙනුවෙන් මෙන්ම සාමාන්‍ය මහජනතාවගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කරනු ලබන සේවය අගයමින් මෙම සම්මානය පිරිනැමීම සිදු කෙරුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.