ජස්වර් උමාර් සහ ඒකාබද්ධ කණ්ඩායම පාපන්දු නිලවරණයට නාම යෝජනා බාර දෙයි

ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ පාපන්දු නිලවරණය සදහා නාමයෝජනා බාර දී තිබෙනවා.

මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර් ඇතුලු ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර ලීගයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කර තිබෙනවා. ජස්වර් උමාර් ඇතුලු පාර්ශවය කියා සිටියේ මෙම සමගිවීම තුල සහ ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ මාර්ග සිතියමට අනුව නිලවරණය පැවැත්වීම තුල ඉතා ඉක්මනින්ම පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සදහා සියළුදෙනාම එකතුවී සිය උපරිමයෙන්ම කටයුතු කරන බවත් ජස්වර් උමාර් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

නාමයෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස පළමුවනදා සිට තුන් වනදා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම සිදු කෙරෙන්නේ සැප්තැම්බර් 4 වනදායි.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලැයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46