spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජස්වර් උමාර් සහ ඒකාබද්ධ කණ්ඩායම පාපන්දු නිලවරණයට නාම යෝජනා බාර දෙයි

ජස්වර් උමාර්ගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ පෙරමුණ පාපන්දු නිලවරණය සදහා නාමයෝජනා බාර දී තිබෙනවා.

මෙහිදී ලීග 67න් 58ක්ම ජස්වර් උමාර් ඇතුලු ඒකාබද්ධ කණ්ඩායමට සහාය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර ලීගයෙන් ද අපේක්ෂකයකු ඉදිරිපත් කර තිබෙනවා. ජස්වර් උමාර් ඇතුලු පාර්ශවය කියා සිටියේ මෙම සමගිවීම තුල සහ ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ මාර්ග සිතියමට අනුව නිලවරණය පැවැත්වීම තුල ඉතා ඉක්මනින්ම පාපන්දුවට ඇති ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සදහා සියළුදෙනාම එකතුවී සිය උපරිමයෙන්ම කටයුතු කරන බවත් ජස්වර් උමාර් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

නාමයෝජනා පිළිබඳ අභියාචනා භාරගැනීම සැප්තැම්බර් මස පළමුවනදා සිට තුන් වනදා දක්වා සිදු කෙරෙන අතර අභියාචනා සලකා බැලීම සිදු කෙරෙන්නේ සැප්තැම්බර් 4 වනදායි.

ඒ අනුව සභාපති ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකු තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වන අවසාන නාම යෝජනා ලැයිස්තුව සැප්තැම්බර් 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?