ජවිපෙ මානව හිමිකම් කොමිසමට

ජාතික ජන බලවේගය පසුගියදා සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට එල්ල වූ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා.

නීතිඥ සුනිල් වටගල මහතා මෙහිදී සඳහන් කළේ සාධාරණ ඉල්ලීමක් මත කළ විරෝධතාවයට පොලිසිය ම්ලේච්ඡ ආකාරයෙන් පහරදුන් බවයි.

එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ තම පක්ෂයේ නියෝජිතයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සුනිල් වටගල මහතා පෙන්වා දෙනවා.

ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී සියලු මාර්ග අවහිර කරමින් තම විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් විශාල පිරිසකට අසාත්මිකතා මතුවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසට නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගිය බව ඔහු කියාසිටියා.

මෙම ප්‍රහාරයට එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවට සැකයක් පවතින අතර මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති බැවින් එහි වෙනස හඳුනාගත හැකි බවයි සුනිල් වටගල කියාසිටියේ.

මැතිවරණයක් නොපැවැත්වෙන පසුබිමක මැතිවරණ නීතිය භාවිත කරමින් විරෝධතාවලට බාධා කළ නොහැකි බව ද නීතිඥවරයා පෙන්වා දෙනවා.

මෙම කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ස්තූතිය පළ කරන බව ද ඔහු සඳහන් කළා.

මානව හිමිකම් කොමිසමට පෙත්සම් දෙක භාරදෙනු ලැබුවේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කැඳවා ප්‍රශ්ණ කර විමර්ශනයක් සිදු කරන ලෙසට බවයි සුනිල් වටගල කියාසිටියේ.

කල් ඉකුත් වූ කඳුළු ගෑස් යොදාගෙන ඇති බවට සැකයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියාසිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16