spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජවිපෙ මානව හිමිකම් කොමිසමට

ජාතික ජන බලවේගය පසුගියදා සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට එල්ල වූ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා.

නීතිඥ සුනිල් වටගල මහතා මෙහිදී සඳහන් කළේ සාධාරණ ඉල්ලීමක් මත කළ විරෝධතාවයට පොලිසිය ම්ලේච්ඡ ආකාරයෙන් පහරදුන් බවයි.

එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ තම පක්ෂයේ නියෝජිතයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සුනිල් වටගල මහතා පෙන්වා දෙනවා.

ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී සියලු මාර්ග අවහිර කරමින් තම විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් විශාල පිරිසකට අසාත්මිකතා මතුවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසට නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගිය බව ඔහු කියාසිටියා.

මෙම ප්‍රහාරයට එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවට සැකයක් පවතින අතර මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව ඇති බැවින් එහි වෙනස හඳුනාගත හැකි බවයි සුනිල් වටගල කියාසිටියේ.

මැතිවරණයක් නොපැවැත්වෙන පසුබිමක මැතිවරණ නීතිය භාවිත කරමින් විරෝධතාවලට බාධා කළ නොහැකි බව ද නීතිඥවරයා පෙන්වා දෙනවා.

මෙම කඳුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ස්තූතිය පළ කරන බව ද ඔහු සඳහන් කළා.

මානව හිමිකම් කොමිසමට පෙත්සම් දෙක භාරදෙනු ලැබුවේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කැඳවා ප්‍රශ්ණ කර විමර්ශනයක් සිදු කරන ලෙසට බවයි සුනිල් වටගල කියාසිටියේ.

කල් ඉකුත් වූ කඳුළු ගෑස් යොදාගෙන ඇති බවට සැකයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ලෙසට මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?