ජවිපෙ ඝාතනය කළ බව කියන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

1988-89 වසර තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ ආයුධ සන්නද්ධ කැරැල්ලේ දී ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සමාජිකාවන්ගේ ලැයිස්තුවක් අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න සභාගත කළා.

නම් 1300ක ලැයිස්තුවක් අද (21) දිනයේ මෙලෙස සභාගත කිරීමටයි ඇය කටයුතු කළේ.

එලෙස ඝාතනය වූ පුද්ගලයින්ගේ පවුල්වල මේ වනවිට ජීවත්ව සිටින සාමාජික සාමාජිකාවන් 920 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මන්ත්‍රීවරිය අද දිනයේ සභාගත කරනු ලැබුවා.

මෙම නම් ලැයිස්තු සභාගත කරමින් මන්ත්‍රිනී රෝහිනී කවීරත්න පැවසුවේ ඊට ඇතුළත් නොවන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බටලන්ද විවාදයේදී සභාගත කරන බවයි.

අද පාර්ලිමේන්තුවේ සභාගත කළ නම් ලැයිස්තුව සමාජ මාධ්‍ය වෙත එක් කිරීමට ද ඇය කටයුතු කර තිබෙනවා.