ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු ලෙස සේවය කරන අවුරුදු 44 ක අයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු කැස්බෑව ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට ගොස් තමන් ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම විසන්ධි කරන නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙමින් ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත පෙන්වා එම ආයතනයේ ජල බිල්පත් පරීක්ෂා කර බිල් නිසි පරිදි නොගෙවීම හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට සිදුවන බවට පවසා තිබූ බවයි පොලිසිය කියයිසඳහන් කළේ.

ජල සැපයුම විසන්ධි නොකර සිටීමට නම් තමන්ට රුපියල් 4000 මුදලක් ලබා දෙන ලෙසත් සැකකරු පවසා ඇති අතර එතරම් මුදලක් නොමැති බව පැවසීමෙන් අනතුරුව තේ බීමට රුපියල් පන්සියයක් ලබා දෙන ලෙස සැකකරු ව්‍යාපාරිකයාට පවසා තිබෙනවා.

ඒ අනුව ව්‍යාපාරිකයා රුපියල් පන්සීයක් සැකකරුට ලබාදී ඇති අතර ඔහු එම මුදල ගත් සැණින් එම ස්ථානයෙන් පිට වීම පිළිබඳ සැක සිතු ව්‍යාපාරිකයා ජල සම්පාදන මණ්ඩලයට දුරකථන ඇමතුමක් ගෙන තම ගිණුම් අංකය පවසා ජල සැපයුම විසන්ධි කිරීමට නිලධාරියකු යොමු කළේ දැයි විමසා ඇතැයි සඳහන්.

එලෙස නිලධාරීයෙකු යොමු නොකළ අතර විසන්ධි කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා ඔහු හමුවට පැමිණ පිටවී ගිය පුද්ගලයා සම්බන්ධයෙන් සොයා බැලීමේදී සැකකරු වෙනත් තවත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් ඒ අයුරින්ම එම ව්‍යාපාරිකයා සමග කතාබස් කරමින් සිටියදී ඔහු සමඟ එක්ව සැකකරු අල්ලාගෙන පොලීසියට භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48