spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා සිදුකරමින් පවතින බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත එළඹෙන දෙසැම්බර් මාසයේ දී සකස්කර අවසන් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

රෝහල්, පාසල් සහ පුණ්‍ය ආයතන සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

මේ අතර අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවේ ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

කෙසේ නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නොමැති බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?