ජර්මනිය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් අත්‍යවශ්‍ය නොවන චීන සංචාරයන්ගෙන් වලකින්නැයි උපදෙස් දෙයි

චීනයේ කොවිඩ් 19 සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ජර්මනිය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් අත්‍යවශ්‍ය නොවන්නේ නම් චීනයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි මට්ටමටකොවිඩ් ආසාදනවල උච්චතම අවස්ථාවට එළැඹ ඇති නිසා චීනයට අත්‍යවශ්‍ය නොවන සංචාර අධෛර්යමත් කරන බවයි ජර්මානු විදේශ අමාත්‍යංශ්‍ය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ.

ලක්සම්බර්ග් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලක්සම්බර්ග් ජර්මානු සංචාරක උපදේශනය සමඟ එක්ව සිටින අතර දැනට චීනයට අත්‍යවශ්‍ය නොවන සංචාර සිදු නොකරන්නැයි උපදෙස් දෙමින් සිටින බවයි.”

ශූන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය අත්හැර දැමීමත් සමග දෙසැම්බර් මාසයේ සිට චීනය එහි විශාලතම ආසාදන රැල්ලට මුහුණ දී සිටිනවා.

රෝහල් තදබදයේ අවදානම සහ එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්.

චීනයට හදිසි, අත්‍යවශ්‍ය නොවන සංචාරයක් දැනට නිර්දේශ නොකරයි, ”බෙල්ජියමේ විදේශ අමාත්‍යාංශය එහි නිල වෙබ් අඩවියේ දක්වා තිබුණා.

චීනයේ COVID රෝගීන්ගේ වැඩිවීමත් සමඟ ලොව පුරා බොහෝ රටවල් චීනයේ සංචාරය නොකරන්නැයි සිය පුරවැසියන්ට
දැනුම් දී තිබෙනවා.

චීනයේ COVID ආසාදනවල වාර්තාගත වැඩිවීමත් සමග එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, චීනයෙන් සහ හොංකොං සිට පැමිණෙන සියලුම සංචාරකයින් රටට ඇතුලු වීමට පෙර කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දී ආසාදිත නොවන බව තහවුරු කළ යුතු බවයි. ජනවාරි 05 වැනිදා සිට මෙම රෙගුලාසි ක්‍රියත්මකයි.

රටේ කොවිඩ් ව්‍යාප්තිය නැවැත්වීම සඳහා චීනය තවදුරටත් රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය නොකරන අතර චීන ජාතිකයින්ට ඔවුන්ගේ අභිමතය පරිදි ගමන් කිරීමට ඉඩ ලබා දෙන බව හොංකොං පෝස්ට් වාර්තා කළා. මෙය 2020 වැනි වසරට සමාන තත්වයක් ඇති විය හැකි අතර රෝග කාරකය වුහාන් සිට ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව අදාල මාධ්‍ය වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33