spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජර්මනියත් කංසා නීතිගත කරයි

ජර්මනිය තුළ වැඩිහිටියන් සදහා කංසා නීතිගත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එරට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සභාග රජය ලබාදුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් ජර්මනිය අප්‍රේල් මස 01දා සිට ගංජා අර්ධ වශයෙන් නීතිගත කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

කෙසේ වෙතත් මෙලෙස ගංජා නීතිගත කිරීමත් සමග ඒ සම්බන්ධව නව නීති රැසක් පැනවීමටද එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ඒ අනුව එක අයෙකුට පුද්ගලික භාවිතය සඳහා වියළි ගංජා ග්‍රෑම් 25ක් රැගෙන යාම නීත්‍යානුකූල වන අතර වැඩිහිටියෙකුට පැල තුනක් දක්වා සීමාවක් සහ වියලන ලද ගංජා ග්‍රෑම් 50ක් දක්වා ගෘහ වගාවක් ලෙස සිදු කිරීමටද අවසර ලැබෙනු ඇති.

එමෙන්ම පාසල්, ළදරු පාසල්, ක්‍රීඩා පිටි සහ පොදු ස්ථානවලට මීටර් 100 ක දුරක් ඇති ප්‍රදේශය තුල අදාළ මත්ද්‍රව්‍ය භාවිතය ද තහනම් වනවා.

මීට අමතරව පෙරවරු 07.00 සිට රාත්‍රී 08.00 දක්වා එරට පදික කලාපවල ද දුම්පානය තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නීත්‍යානුකූලව මෙම ගංජා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මිනිසුන්ට හැකිවන පරිදි නියාමනය කරන ලද ගංජා වගා සංගම් පිහිටුවීමට ද ජර්මානු රජය ජූලි මස 01වනදා සිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නමුත් 2025 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් පසු තම පක්ෂය නැවත බලයට පත් වුවහොත් වහාම මෙම නීතිය අවලංගු කරන බවට එරට විපක්ෂ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?