ජර්මනියත් කංසා නීතිගත කරයි

ජර්මනිය තුළ වැඩිහිටියන් සදහා කංසා නීතිගත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එරට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සභාග රජය ලබාදුන් පොරොන්දුවක් ක්‍රියාත්මක කරමින් ජර්මනිය අප්‍රේල් මස 01දා සිට ගංජා අර්ධ වශයෙන් නීතිගත කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

කෙසේ වෙතත් මෙලෙස ගංජා නීතිගත කිරීමත් සමග ඒ සම්බන්ධව නව නීති රැසක් පැනවීමටද එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

ඒ අනුව එක අයෙකුට පුද්ගලික භාවිතය සඳහා වියළි ගංජා ග්‍රෑම් 25ක් රැගෙන යාම නීත්‍යානුකූල වන අතර වැඩිහිටියෙකුට පැල තුනක් දක්වා සීමාවක් සහ වියලන ලද ගංජා ග්‍රෑම් 50ක් දක්වා ගෘහ වගාවක් ලෙස සිදු කිරීමටද අවසර ලැබෙනු ඇති.

එමෙන්ම පාසල්, ළදරු පාසල්, ක්‍රීඩා පිටි සහ පොදු ස්ථානවලට මීටර් 100 ක දුරක් ඇති ප්‍රදේශය තුල අදාළ මත්ද්‍රව්‍ය භාවිතය ද තහනම් වනවා.

මීට අමතරව පෙරවරු 07.00 සිට රාත්‍රී 08.00 දක්වා එරට පදික කලාපවල ද දුම්පානය තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නීත්‍යානුකූලව මෙම ගංජා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මිනිසුන්ට හැකිවන පරිදි නියාමනය කරන ලද ගංජා වගා සංගම් පිහිටුවීමට ද ජර්මානු රජය ජූලි මස 01වනදා සිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නමුත් 2025 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරනයෙන් පසු තම පක්ෂය නැවත බලයට පත් වුවහොත් වහාම මෙම නීතිය අවලංගු කරන බවට එරට විපක්ෂ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39