ජය ශ්‍රී කියලා නමක් තිබුණේ නෑ ජය ශ්‍රී නම් මම වෙමි

යෞවන සිහින ලෝකේ, හදසැලෙනා වැනි ගීත නිර්මාණ තුළින් ලාංකික රසිකයන්ගේ හදවතට සමීප වූ ඔහු අරුණ ලියාන්.

මෑතකදී ඔහු ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ ඉතාමත් ජනප්‍රිය, රසිකාදරය හිමිකරගත් ගීත කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගේ අයිතිය පිළිබඳව සඳහන් කරමින් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹී තිබුණා. 

සමාජයේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ මේ සිදුවීමේ සත්‍ය තත්ත්වය අපි ඔහුට කතා කළා.

කොහොමද මේ දවස්වල ජීවිතේ? 

ජීවිතේ වෙනදා විධියටම ගලාගෙන යනවා.

සංගීතයට පිවිසුණේ කොහොමද? 

මම කිංස්වුඩ් විද්‍යාලයට ගියේ. මම උසස් පෙළට කළේ ගණිත විෂයන්. නමුත් මට ආශාව තිබුණේ සංගීතයට. අපි උසස් පෙළ හදාරන විට cherish කියලා බෑන්ඩ් එකක් හදාගෙන තිබුණා. අපි මංගල උත්සවවල සහ ක්ලබ්වල සෙල්ලම් කළා. 

ඔබ ජය ශ්‍රී සමඟ සම්බන්ධ වුණේ කොහොමද? 

මට ලංකාවට සිංහල සින්දු කරන්න ආසාවක් තිබුණා. ක්ලැරන්ස්, මිල්ටන් මල්ලවආරච්චි, පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී වගේ අයගෙ ගීත මම ඇහුවා. ඒ අතර කාලයේ වියානා නුවර ප්‍රසංගයකට සහභාගි වී පැමිණෙන විට මට රෝහිත හමුවුණා. මම ඔහුට මගේ නිවෙසට ආරාධනා කළා. මම නිර්මාණය කර තිබූ ගීත මම ඔහුට අසන්න ලබා දුන්නා. එම ගීතවලට සවන් දුන් ඔහු එම ගීත කැසට්පටයකට පටිගත කරගෙන රැගෙන යන්න සුහදශීලී ලෙස ඇසුවා. මම ඒ සඳහා කැමැත්ත පළ කළා. පසුදා ඔහු ඒ තනු සඳහා පද රචනාවක් කරගෙන පැමිණ තිබුණා. ඉන් පසු මාත් සමඟ එම පද රචනාව සංශෝධනය කිරීමෙන් පසුව එම ගීත පටිගත කළා. ජය ශ්‍රී කියලා ඊට පෙර නමක් තිබුණේ නැහැ. ජය ශ්‍රී ව්‍යාපෘතිය ආරම්භ කළේ මගේ ගෙදර.

ජය ශ්‍රීලාගේ ගීතවල අයිතිය ඔබටත් තිබෙනවා කියලා ඔබ කියනවා?

පියමැන්නේ, ආදර ලොවේ, සුදු ඇඳුමින් වැනි ගීත ඔවුන් මුණගැහෙන්නත් කලින් නිර්මාණය වෙලා තිබුණේ. පියමැන්නේ ගීතයෙන් භාගයක්ම ලිව්වේ මගේ බාල මල්ලී ප්‍රසන්න. රෝහිත හමුවීමෙන් පසුව පද රචනාවේ සමහර තැන් වෙනස් කළා. නමුත් මගේ හෝම් ස්ටුඩියෝ එකේ තමයි සියලු නිර්මාණ කළේ. මේ ගීතවල ගිටාර් පාට්ස්, කී බෝඩ් පාර්ට්ස් මගේ. භාවිත කළ උපකරණ සියල්ල මගේ. මුල් මුදල් ආයෝජනය මගේ. ඔවුන්ට ආරාධනා කළෙත් මම. නමුත් ඔවුන් යූ – ටියුබ් අයිතීන් තනිව අයිති කරගෙන, පද රචනාවලට තනුවලට ඔවුන්ගේ නම් පමණක් දාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මම සාධාරණය ඉල්ලන්නේ.

මේ සම්බන්ධයෙන් මෙපමණ කාලයක් නිහඬව සිටියේ ඇයි?

මම අවුරුදු 17ක් මහත්මා ගුණයෙන් යුතුව නිශ්ශබ්දව සිටියා. මම ඉල්ලන්නේ මගේ අයිතිය. මගේ අයිතීන් ගන්න අවසානයේ මට නීතියේ පිහිට පතන්න සිදුවුණා.

ජය ශ්‍රීලා ඔවුන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක සඳහන් කර තිබුණා, ඔබ 2000න් පසුව ඔවුන්ගෙන් නීත්‍යනුකූලව වෙන් වුණා කියලා. එය ඇත්තද? 

එය ඔවුන් කියන එකක්. මම නීත්‍යනුකූලව වෙන් වුණේ නැහැ.

ඔවුන් කියන දේවල් ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?

ඒ ගැන මට කිසිවක් කියන්න නැහැ. මම නීතියේ පිහිට පතලා තිබෙනවා. නීතිඥවරු ඒ ගැන බලාගනී.

ඔවුන් මුහුණු පොතේ ඉදිරිපත් කරලා තිබූ ලියකියවිලි ගැන ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?

මෙහෙමයි. අපි පොරොන්දු වූ සියලුම දේවල් සීඩී කවරේ ලියලා තිබෙනවා. Written, arrange, played, perfomed by jaya sri කියලා අපි තුන්දෙනාගේම නම් එහි ලියලා තිබෙනවා. එම ආයතනවලින් අන්තර්ජාලය හරහා ගිහින් එවැනි ලියකියවිලි ලබා ගන්න පුළුවන්. ඒවායේ ඇතිවන ගැටලු විසඳන්න තමයි නීතිය තිබෙන්නේ. එම නිසා ඒ සඳහා මම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

ඔවුන් මුහුණු පොතේ සටහනක පවසා තිබෙනවා නිර්මාණ අයිතියෙන් සියයට 16.6 කොටසක් පමණයි ඔබට ලැබිය යුතු. එම කොටස ලබා දෙන්න කටයුතු කොට තිබෙනවා කියලා?

මේ වන තෙක් කිසිම කොටසක් ලැබිලා නැහැ. ඔවුන්ට ඉදිරි අනාගතයේදී ඒ ගැන වගඋත්තර ලබා දෙන්න සිදු වේවි.

ඔබේ ගීත නිර්මාණ ගැනත් කතා කරමු?

මගේ තනි පුද්ගල ඇල්බම් එක හද සැලෙනා. එහි හද සැලෙනා ගීතය ජනප්‍රිය වුණා. එම ඇල්බම් එකම මගේ යූ – ටියුබ් නාළිකාව හරහා නරඹන්න පුළුවන්. මගේ හදසැලෙනා ඇල්බම් එකෙන් පසුව මම ගොඩක් වැඩ කළා ලංකාවේ. ටෙලි ඩ්‍රාමාවලටත් මම නිර්මාණ කළා. ඒ වගේම ක්ලැරන්ස් මහත්මයාගේ ‘හිරුගේ ලොවේදී’ කියන ගීතය මම නීත්‍යනුකූලව රීමේක් එකක් කළා. එය බොහෝම ජනප්‍රිය වුණා. මම තනියම කළ ගීත බොහෝමයක් තිබෙනවා. 

යුරෝපයේ නවතින්න සිතුවේ ඇයි?

මම ලංකාවට ඇවිත් යන්න එනවා. නමුත් මම වැඩි කාලයක් සිටියේ යුරෝපයේ. 2019 මම ලංකාවට පැමිණෙන්න සිටියේ. නමුත් කොවිඩ් අර්බුදය නිසා ලංකාවට පැමිණෙන්න නොහැකි වුණා. 

ඉදිරි වැඩ කටයුතු මොනවාද? 

මම මගේ යූ-ටියුබ් නාළිකාව හරහා ගීත කිහිපයක්ම එළිදැක්වූවා. දැන් මාස හතරකට කලින් පමණ ආදරෙන් කියලා ගීතයක් කළා. මට මගේම සංගීත කණ්ඩායමක් තිබෙනවා. ඒ අතරෙ මම ගීත 20 අලුත් ඇල්බම් එකක් කරලා තිබුණේ. නමුත් කොවිඩ් වසංගතය නිසා එම ඇල්බමය එළිදක්වන්න සුදුසු කාලයක් ලැබුණේ නැහැ. ඒ වගේම මගේ රසිකයන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා. ගීත සඳහා වීඩියෝ කරන විට යුරෝපයේ සුන්දර ස්ථාන ආශ්‍රිතව කරන්න, ඔවුන් ඒවා නරඹන්න කැමැතියි කියලා. එම නිසයි කොවිඩ් සමයේ එම ගීත සඳහා වීඩියෝ නිර්මාණය කරගත නොහැකි වූයේ. නුදුරු අනාගතයේදී එම ඇල්බම් එක එළිදක්වන්න සූදානමක් තිබෙනවා. ඊට අමතරව මම යුරෝපයට ඉංග්‍රීසි ගීත සහිත ඇල්බම් එකක් කරලා තිබෙනවා.

පවුලේ විස්තර? 

අපි සිටින්නේ වියනා නුවර. නමුත් අපි ජීවත් වෙන්නේ චෙක් රාජ්‍යයේ. මට දුවෙක් සිටිනවා. දුවට අවුරුදු 24යි. දුව ළදරු පාසල් ගුරුවරියක්.

දුව සංගීතයට නැඹුරු වුණේ නැද්ද?

දුව කුඩා කාලයේ බටනළාව ඉගෙන ගත්තා. ගිටාරය ගහන්න ඉගෙන ගත්තා. පියානෝ එක ඉගෙන ගත්තා. ඇයට ඕනෑ යැයි කියූ දේවල් සඳහා මම ඇයට පහසුකම් සැපයූවා. පසුකාලීනව එයාට ළදරු පාසල් ගුරුවරියක් වීමට අවශ්‍ය වුණා. දැන් ඇය සතුටින් ළදරු පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරමින් සිටිනවා. ඉතින් ඇයගෙ කටයුතුවලට මම සහයෝගය ලබා දෙනවා. 

කුශාන්ති අනුරාධා බණ්ඩාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ හඬා වැටෙමින් තම පුතුට කී කතාව ගම්මන්පිළගෙන් එළියට දායි - මම කරපු වරද මොකක්ද ?
04:06
Video thumbnail
සුරේෂ් සලේට කන්න දෙන විදිය හෙළිකරන ගම්මන්පිල - බිමට පත්තර කොළ දාලා දෙන්නේ
03:31
Video thumbnail
වැඩිහිටි නිවාසය ගැන මාස 04කට කලින් ලියූ ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියක් එළියට..ම#ණ කිහිපයක් වෙලා
04:58
Video thumbnail
ආහාර හිඟයක් එනවා ඉස්සරහට..ලංකාවට වෙන්න යන විනාශය අමරවීර කියයි
01:31
Video thumbnail
"වෙපන් එකට අත තියන්න එපා..උඹ ලොක්කෙක්ද"පොලිසියට සැර සත්තමක් දැම්ම චණ්ඩි අයියා
02:58
Video thumbnail
සුනක සුසාන භූමියට එරෙහිව මිනිස්සු ගාලු මුවදොරට බහියි - ජනපති ඉන්නේ ඇස් කන් වහගෙනද ?
05:08
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02