ජයිකා නියෝජිතයින් සහ සෞඛ්‍ය ඇමති අතර විශේෂ හමුවක්

ජයිකා – ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

අද (16) මෙම හමුව සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දීයි.

මෙහිදී යමඩා ටෙට්සුයා මහතා විසින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයිකා ව්‍යාපෘතිය මගින් දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ආධාර වැඩ සටහන් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා.

“ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියෙන්” රෝහල් 15 කට ප්‍රතිලාභ හිමිවීම පිළිබදව ද, “පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සදහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිය” මගින් මෙරට ප්‍රධාන රෝහල් 3 ක් සංවර්ධන කිරීමට පියවර ගැනීම හා “ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍රකරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම” යන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවත් යමඩා ටෙට්සුයා මහතා විසින් දීර්ඝ ලෙස අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියේ, මෙම ව්‍යාපෘතිය කඩිනම් කර ගැනීමට සෑම මට්ටමකම නිරන්තර අධීක්ෂණය හා සම්බන්ධීකරණය ඉතා වැදගත්ම අවශ්‍යතාවය බවයි.

වසර 70 කට අධික කාලයක සිට ජපානය හා ශ්‍රී ලංකාව දැඩි මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවත්, විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය මගින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇති බව ද, එම ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද JICA නියෝජිතයින් හට අමාත්‍යවරයා දැනුම් දුන්නා.

ඉතා ඉහළ මිත්‍රත්වයකින් කටයුතු කරන ජපානය, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට භෞතික පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉහළ ගුණාත්මක වර්තමාන කාලීන අවශ්‍යතාවයට සරිලන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද, දිගුකාලීනව ජපාන රජයේ හා ජපාන ජනතාවගේ පරිත්‍යාගශීලීත්වයට ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙනුත් අමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20