ජයලාල් රෝහණ මහතා අවසන් වරට සිදුකරමින් සිටිය දේ (PHOTOS)

ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග පෞර්ශ්‍යත්ව වැඩසටහනක් සඳහා සුදානම් වෙමින් සිටි ශානිකා පෙරේරා නම් නිලධාරිනියක් සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබා තිබෙනවා.

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සමග එම වැඩසටහන සම්බන්ධයෙන් අද දිනයේදී කටයුතු කරමින් සිටියදී ගනු ලැබූ ජායාරූප කිහිපයක්ද මුදා හරිමින්…ඒ ජයලාල් රෝහණ මහතා අවසන් වරට ඔවුන් සමග ගනු ලැබූ ජායාරූප බව පවසමින්ය..

145824573 2905250706374782 385771311091389998 n 5
145824573 2905250706374782 385771311091389998 n 6
145824573 2905250706374782 385771311091389998 n 7
145824573 2905250706374782 385771311091389998 n 8
145824573 2905250706374782 385771311091389998 n 9
145824573 2905250706374782 385771311091389998 n 10
145824573 2905250706374782 385771311091389998 n 11

“ලෝකල් මතක තියා ගන්නවා මේක දකුණු අප්‍රිකාව නෙමෙයි… මේක ශ්‍රී ලංකාව. මේ රටේ මිනිස්සු හරිම සදාචාර සම්පන්නයි.. හරිම ආචාරශිලියි. අඩුම තරමින් අල්ලපු ගෙදර එකා මරාගෙන කෑවත් ඇහැක් ඇරලා බලන්නේ නැති තරමට සදාචාර සම්පන්නයි…” ඌව – වෙල්ලස්සේ උක් ව්‍යාපාරය ඇතිවීමත් සමග ඇතිවූ සමාජ වෙනස ගැන කපිල කුමාර කාලිංග විසින් රචනා කළ උක් දඬු ගින්න නම් නාට්‍යයේ එන මෙම කොටස කියන කොට මම වේදිකාවේ කොනක ඉදන් ප්‍රේක්ෂකාගාරය දිහා බලන් ඉන්නවා… ඒ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ජනතාව ඒකට දක්වන ප්‍රතිචාරය කොයි වගේද කියා බලා ගන්න… අද දින අප අතරින් සමුගත් ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මාධ්‍ය සමග සිදුකළ සිය අවසන් කතා බහේ එන කොටසකි මේ…

” පාරේ යනකොට මිනිසෙක් පාරේ වැටිලා ඉන්නවනම්, පර්ස් එකක් හොරකම් කළා නම් ඒ කාලේ මිනිස්සු ඉදිරිපත් වෙලා ඉක්මනටම ඒ පුද්ගලයාට උදව් කළා. ඒ 80 දශකය වන විට මේ රටේ සමාජයේ තිබුණු මනුස්සකම..

නමුත් අද වෙනකොට එහෙම නැහැ… දැලි පිහියකින් මිනිහෙක්ගේ බෙල්ල කපලා ගියත් අඩුම තරමින් ඒ ගැන බලන්නේ නැහැ. ඇහුවොත් කියන්නේ ඒක මගේ වැඩක් නෙමේ කියලා. ඇයි අපේ මිනිස්සු මේවගේ අධම තත්වයකට වැටුනේ…

අද ජංගම දුරකථනය.. ටැබ් එක අතේ තියාගෙන කොට කොට යන්නේ කෝච්චියේ ගියත්. බඩදරු අම්මා කෙනෙක් නැග්ගත් දරුවෙක් අතින් අරන් නගින මවක් වුනත් වාඩි වෙලා යන අයට අද පෙන්නේ නැහැ… අපේ සමාජය අද ඒ තරමටම පහත් තැනට වැටිලා. මොන තරම් දුකක් ද ?”

ඒ අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා පසුගිය ජනවාරි මස 22 වෙනිදා ආචාර්ය එන් එම් පෙරේරා ශාලාවේදී අවසන් වරට මාධ්‍ය සමග පැවැත්වූ කතාවෙ සංක්ෂිප්ත කොටසක් …

සම්පුර්ණ වැඩසටහන පහතින්…

කලාකරුවාණෙනි ඔබට නිවන්සුව ලැබේවා……. ගොසිප් ලංකා නිව්ස්.lk



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33