ජයරුවන්ට කට වරදී.. රහස් පොලිසියට කැදවයි.

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය වේ.

ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපතිධුරයට පත් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49