ජයග්‍රාහි මානසිකත්වයෙන් ශ්‍රී ලංකාව අද බංගලියන් සමඟ එක්දින තරගාවලියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (13) චැතග්‍රාම් හිදී ආරම්භ වනවා.

ඒ, අනුව පළමු තරගය මෙරට වේලාවෙන් අද (13) පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසික මට්ටමකින්.

දෙරට අතර මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 54ක් පවත්වා ඇති අතර ඉන් තරග 42ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.

බංග්ලාදේශය තරග 10ක් ජයගෙන ඇති ආතර, තරග දෙකක් අවසන්ව ඇත්තේ තීරණයකින් තොරවයි.

මේ අතර එක්දින තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඊයේ (12) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී, ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රමාදවීම සම්න්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රධාන පුහුණුකරු කිස් සිල්වර්වුඩ්ගෙන් ප්‍රශ්නකර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් ප්‍රකාශය කළ නොහැකි බවයි.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති එක්දින තරගාවලියට ඇතුළත්ව සිටි ශෙවෝන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර නම්කර නැහැ.

ඔවුන් වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ළහිරු කුමාර ශ්‍රී ලංකා සංචියට කැඳවා තිබෙනවා.

මේ අතර එක්දින තරගාවලියේ ජයග්‍රාහකයින්ට පිරිනමන කුසලානය දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) එළිදක්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02