ජපුර සරසවියේ විරෝධතාවකට කඳුලු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මේ අතර විශ්ව විද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයට සිදුකළ වැටුප් වැඩි කිරීමට සමගාමීව තම වැටුප ද වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා දිවයින පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල අද පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

වර්තමානයේ විශ්ව විද්‍යාල සේවක ප්‍රජාව මුහුණ පා ඇති වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මෙම සංකේත වැඩ වර්ජනය සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සඳහා රජයේ අවධානය යොමු නොවුනහොත් අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සිදුවන අතර එක් පාර්ශවයකට පමණක් වැටුප් වැඩි කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විශ්ව විද්‍යාල තුළ ද අනවශ්‍ය ගැටළුවක් ඇති කිරීමට රජය ක්‍රියා කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනයේ සභාපති ජී.කේ. රුවන් කුමාර ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14