spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපුර සරසවියේ විරෝධතාවකට කඳුලු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධාන කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම විශ්ව විද්‍යාලය ආසන්නයේදීම මෙම කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඊයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමකකට ද පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

මේ අතර විශ්ව විද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලයට සිදුකළ වැටුප් වැඩි කිරීමට සමගාමීව තම වැටුප ද වැඩි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා දිවයින පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල අද පැය 24 ක සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.

වර්තමානයේ විශ්ව විද්‍යාල සේවක ප්‍රජාව මුහුණ පා ඇති වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා මෙම සංකේත වැඩ වර්ජනය සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සඳහා රජයේ අවධානය යොමු නොවුනහොත් අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සිදුවන අතර එක් පාර්ශවයකට පමණක් වැටුප් වැඩි කර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විශ්ව විද්‍යාල තුළ ද අනවශ්‍ය ගැටළුවක් ඇති කිරීමට රජය ක්‍රියා කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනයේ සභාපති ජී.කේ. රුවන් කුමාර ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?