ජ’පුර රෝහලේ වෛද්‍ය මහේෂිගේ දුවගෙන් අල්ලස් කොමිසමේ දෙදෙනෙකුට උසාවියේ දී මරණ තර්ජන

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කළා.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අද (04) දින මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දක්වා සිටියා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කළා.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසයි.

මේ අතර අද දිනට මෙම නඩුව කටයුත්ත අවසන් කර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ සහකාර කොමසාරිස් සුලෝචනා හෙට්ටිආරච්චිට සහ විමර්ශන නිලධාරී දිලුම් දුශාන්ට සැකකාර විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය විසින් මරණ තර්ජන සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේ දී සහකාර කොමසාරිස්වරිය සහ විමර්ශන නිලධාරියා මේ සම්බන්ධයෙන් වහාම කොළඹ මහේස්ත්‍රාත්වරියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවයි දසත නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.

  1. Marana tharjanaya pewexuwe kinam wachana bawitha kereemenda yana waga denageneemata kemeththemi .ewta eya anusaarayen yamak denweemata heki wanneya
    .min pasu eweni thorathuru ethlath kireemata karunika wanna sthuthi. I



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14