ජ’පුර ඉංජිනේරු පීඨ සංකීර්ණය අගමැතිනියගේ නිරීක්ෂණයට

මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙහි දී ඉදිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධ ව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා ගැනීම පිළිබඳ ව ද සාකච්ඡා කළ බවයි.

එමෙන්ම විශ්වවිද්‍යාලයීය පර්යේෂණ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කෙරුණා.