spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපාන හිටපු අගමැතිගේ අභාවය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය ශෝකය පළකරයි

සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වෙලාවකට පෙර වාර්තා කළා.

මේ අතර ඔහුගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ශෝකය පළකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් පවසා ඇත්තේ ජපානයට ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයකු අහිමි වී ඇති බවයි.

ඔහුගේ පවුලේ අයට සහ ජපානයේ ජනතාවට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවයි එම පණිවුඩයේ ජනාධිපතිවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ.

8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?