ජපාන සංචාරය නිම කළ ජනපති දිවයිනට

ජපාන සංචාරය නිමාවට පත් කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ (27) දින රාත්‍රී 11.05 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන් සේවයේ MH- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බවයි.

ප්‍රථමයෙන්ම සිංගප්පූරුවේ සංචාරය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජපානයේ පැවති ” 28 වැනි ආසියාවේ අනාගතය ” සමුළුවට සහභාගී වුණා.