ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් ඇති කිරීමට සැලසුම්

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

මේ වන විට වරාය නගරය ආශ්‍රිත ඉදිකිරීම්වල ප්‍රගතියක් පෙනෙන්නට තිබෙනවා. වරාය නගරය තාවකාලිකව මහජනතාවටත් විවෘත කිරීමට පසුගිය සමයේ අප කටයුතු කළා. තෙවැනි පාර්ශ්වීය ගිවිසුමක් යටතේ මෙම වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින බව කිවයුතුයි. ඇමරිකානු ඩොලර් බිලියන 15ක් මේ සඳහා වෙන් කර තිබෙන අතර චයිනා හාබර් සමාගමෙන් සිදුකරන ඉදිකිරීම්වලින් 80%ක වැඩ කටයුතු දැනටමත් අවසන් කර තිබෙනවා.

වරාය නගරය තුළ ව්‍යපාරයක් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව මේ වන විට සකස් කර අවසන්. මෙහෙයුම් රෙගුලාසි කිහිපයක් සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙන බව ද සඳහන් කළ යුතුයි. මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක පමණ ආයෝජන ලැබී තිබෙන නමුත් නීතිමය රාමුව සකස් කරන තුරු ඔවුන්ට බලා සිටීමට සිදු වුණා. ඒ අනුව ඉදිරියේ දී මෙම ආයෝජන ආරම්භ කිරීමට සැලසුම කර තිබෙනවා.

සම්පූර්ණ ව්‍යාපාර කටයුතු සඳහා අළෙවි කළ හැකි බිම් කොටස් ගණන 74ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වනවා. එමෙන්ම පොදු කටයුතු සඳහා භාවිතා කරන බිම් කැබලි 44 ක් මෙහි තිබෙනවා. ඒ අනුව සම්පුර්ණ ඉඩම් කොටස් 118ක ආයෝජන මෙහි තිබෙනවා.

මීට අමතරව ජපන් – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා. බිංගිරිය ප්‍රදේශය හා ඉරණවිල ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය සිදු කිරීම රජයේ සැලසුමයි.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව තුළ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීමට ඔවුන් කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට අප පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළයුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26