ජපාන රැකියා ලබා ගන්න විශේෂ වෙබ් අඩවියක්

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව කටයුතු යොදා තිබෙනවා.

එම වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීම ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ශ්‍රි ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිදෙකි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

විශේෂ කුසලතා ඇති (Specified Skilled Worker (SSW)) තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය වන විභාග ශ්‍රි ලංකාවට ලබාගැනීම මෑතදී සිදුවිය. ඒ අනුව 2022 ජනවාරි සිට එම විභාග පැවැත්වෙන අතර, එම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය උපදෙස් හා තොරතුරු මෙම වෙබ් පිටුව මගින් ලබාගැනීමට හැකියාව ලැබේ.

විශේෂ කුසලතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ වසර 5ක කාලයකට රැකියා සඳහා අවසර හිමිවේ. ඒ අනුව ආරම්භක පියවර යටතේ, ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකිවේ. ඒ අනුව සාත්තු සේවය හා ආහාර පිළිගැන්වීමේ සේවා යන ක්ෂේත්‍ර දෙකට අදාළ විභාග තොරතුරු, අයදුම්පත හා උපදෙස් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස, SSW ජපන් (SSW Japan) මෙනුවට පිවිසීම මගින් ජපන් රැකියා තොරතුරු ලබාගැනීමට හැකිවේ.
ජපානයේ සාත්තු සේවා හා ආහාර පිළිගැන්වීමේ සේවා රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JFT) සමත්වීම අනිවාර්ය වන අතර, කුසලතා පරික්ෂණයද සමත්වීම අවශ්‍ය වේ. මේ සම්බන්ධ සියළුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

පසුගිය වසර තුනක කාලය තුළ ජපානයේ රැකියා සඳහා පුද්ගලයින් 3440 දෙනෙකු පිටව ගොස් තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56