ජපාන නිර්මාණ කොල්ලකෑ චීන වෙබ් අඩවියක් වසා දැමේ

චීන බලධාරීන්ට අපරාධ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසු චීනය පදනම් කරගත් මන්ගා හෙවත් ජපන් චිත්‍ර කතා නිර්මාණ කොල්ලකෑ වෙබ් අඩවියක් වසා දැමීමට බල කෙරී ඇති බව ජපන් කර්මාන්ත කණ්ඩායමක් පවසනවා.

ජනවාරි 19 වන විට වෙබ් අඩවිය වසා දමා ඇති බව කියනු ලැබෙනවා.

ලෝකයේ විශාලතම ජපන් චිත්‍ර කතා නිර්මාණ මංකොල්ලකෑම් අඩවි වලින් එකක් යැයි කියනු ලබන Bato.To හි ක්‍රියාකරු හඳුනා ගැනීම සඳහා අන්තර්ගත විදේශ බෙදාහැරීමේ සංගමය හෙවත් CODA, සයිබර් ආරක්ෂක විශේෂඥයින් සමඟ කටයුතු කළා.

කණ්ඩායම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අපරාධ පැමිණිල්ලක් ගොනු කළා.

නොවැම්බර් මාසයේදී බලධාරීන් ගුවැන්සි ෂුවාං ස්වයං පාලන කලාපයේ ජීවත් වන වයස අවුරුදු 40 ක මිනිසෙකුගෙන් ප්‍රශ්න කළ බව එහි සඳහන්.

වෙබ් අඩවියට මසකට මිලියන 350 කට වඩා ප්‍රවේශ වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

වෙබ් අඩවියේ භාෂා 50 ක පමණ අන්තර්ගතයක් තිබූ බව කියනු ලැබෙනවා.

කෘත්‍රීම බුද්ධිය පුළුල් ලෙස භාවිතා කිරීම තුළින් පරිවර්තනය පහසු කර ඇති බැවින් ප්‍රකාශන හිමිකම් මංකොල්ලකෑමේ ගැටලුව තවත් නරක අතට හැරෙමින් පවතින බව CODA පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27