spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපාන චන්ද්‍ර මෙහෙයුම ගැටලුවක් අභියස

ජපානය සඳ මතට ගොඩබැස්වූ යානයේ ගැටලුවක් මතුවී තිබෙනවා.

රොබෝ යානය සාර්ථකව සඳ මත සාර්ථකව ගොඩබැස්වූ නමුත් එහි සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු කිහිපයක් මතුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව යානයේ මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා වනු ඇති බවට සැක කෙරෙනවා.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ජපාන යානය ඊයේ චන්ද්‍ර පෘෂ්ඨය මත ගොඩබස් වනු ලැබුවා. ඒ එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මතට යානයක් ගොඩ බැස්සවූ පස්වන රට බවට පත් වෙමින්.

සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු හමුවේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉංජිනේරුවන් සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවමත් අනාවරණ නොවූ හේතුවක් මත යානයේ සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවීමක් සිදු නොවන බව සඳහන්.

යානය සම්පූර්ණයෙන්ම එහි බැටරි මත රඳා පවතින අතර ඒවා අවසානයේ විසර්ජනය වීම හමුවේ යානය සමග පෘථිවියේ ඇති සම්බන්ධතා බිඳ වැටෙනු ඇති.

සඳ මත ආලෝක කෝණ වෙනස් වන විට, යානයට නැවත ජීවය ලැබිය හැකි බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

අධෝරක්ත කැමරාවක් ද රැගත් Moon Sniper සඳෙහි භූ විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා ඊළඟ දෙසතිය ගත කිරීමට නියමිතව තිබුණා. උද්ගත වී ඇති ගැටලුව හේතුවෙන් මෙම පරීක්ෂණයෙන් කොපමණ ප්‍රමාණයක් සිදු කළ හැකිද යන්න පිළිබඳ පවතින්නේ අවිනිශ්චිතතාවක්.

ෂියෝලි ආවාටය අසල ගොඩබෑමේ ස්ථානය තුළ දැනට සූර්යාලෝකය තිබුණ ද චන්ද්‍ර රාත්‍රියේ අඳුර මෙම මාසය අවසානයේ ළඟා වනු ඇති.

එවිට යානයේ ඉලෙක්ට්‍රොනික පරිපථ පුවරු බිඳ වැටෙන මට්ටමට උෂ්ණත්වය පහත වැටෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?