ජපාන චන්ද්‍ර මෙහෙයුම ගැටලුවක් අභියස

ජපානය සඳ මතට ගොඩබැස්වූ යානයේ ගැටලුවක් මතුවී තිබෙනවා.

රොබෝ යානය සාර්ථකව සඳ මත සාර්ථකව ගොඩබැස්වූ නමුත් එහි සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු කිහිපයක් මතුවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව යානයේ මෙහෙයුම පැය කිහිපයකට පමණක් සීමා වනු ඇති බවට සැක කෙරෙනවා.

සඳ විමර්ශනය කිරීම සඳහා වන ජපාන යානය ඊයේ චන්ද්‍ර පෘෂ්ඨය මත ගොඩබස් වනු ලැබුවා. ඒ එක්සත් ජනපදය, සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මතට යානයක් ගොඩ බැස්සවූ පස්වන රට බවට පත් වෙමින්.

සූර්ය බලශක්ති පද්ධතියේ ගැටළු හමුවේ මෙහෙයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉංජිනේරුවන් සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවමත් අනාවරණ නොවූ හේතුවක් මත යානයේ සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවීමක් සිදු නොවන බව සඳහන්.

යානය සම්පූර්ණයෙන්ම එහි බැටරි මත රඳා පවතින අතර ඒවා අවසානයේ විසර්ජනය වීම හමුවේ යානය සමග පෘථිවියේ ඇති සම්බන්ධතා බිඳ වැටෙනු ඇති.

සඳ මත ආලෝක කෝණ වෙනස් වන විට, යානයට නැවත ජීවය ලැබිය හැකි බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

අධෝරක්ත කැමරාවක් ද රැගත් Moon Sniper සඳෙහි භූ විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා ඊළඟ දෙසතිය ගත කිරීමට නියමිතව තිබුණා. උද්ගත වී ඇති ගැටලුව හේතුවෙන් මෙම පරීක්ෂණයෙන් කොපමණ ප්‍රමාණයක් සිදු කළ හැකිද යන්න පිළිබඳ පවතින්නේ අවිනිශ්චිතතාවක්.

ෂියෝලි ආවාටය අසල ගොඩබෑමේ ස්ථානය තුළ දැනට සූර්යාලෝකය තිබුණ ද චන්ද්‍ර රාත්‍රියේ අඳුර මෙම මාසය අවසානයේ ළඟා වනු ඇති.

එවිට යානයේ ඉලෙක්ට්‍රොනික පරිපථ පුවරු බිඳ වැටෙන මට්ටමට උෂ්ණත්වය පහත වැටෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37