ජපාන ගුවන් අනතුරින් පසු මෙහෙයුම් අලාභය ගැන අනාවරණයක්

ජපානයේ ටෝකියෝ නුවර හනෙඩා ගුවන් තොටුපලේ ධාවන පථයේදී ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක, මගී ගුවන් යානයක ගැටී සිදුවූ අනතුරෙන් ඩොලර් මිලියන 100 කට වැඩි මෙහෙයුම් අලාභයක් සිදුවනු ඇති බව ජපාන ගුවන් සේවය පවසනවා.

ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි 379 දෙනෙක් වූ මගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව යානයෙන් පිටතට පැමිණියත් වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා හැර කාර්ය මණ්ඩලයේ 5 දෙනා ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර විමර්ශකයින් විසින් නිකුත් කරන ලද ගුවන් ගමන් පාලක කුලුන සහ ගුවන් යානා අතර සන්නිවේදන සටහන් අනුව අනාවරණය වන්නේ වෙරළාරක්ෂක ගුවන් යානයට පියාසර කිරීමට අවසර ලබා දී නොමැති බවයි.

එම සටහන්වලට අනුව ගුවන් ගමන් පාලකවරයා ජපන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයට ධාවන පථයට පිවිසීමට අවසර ලබා දී තිබෙනවා.

ඉන් තත්ත්පර 10කට පසු වෙරළාරක්ෂක ගුවන් යානයට දැනුම් දී ඇත්තේ ධාවන පථයේ රැඳවුම් ස්ථානය වෙත ගුවන් යානය රැගෙන යන ලෙසයි.

එහි නියමුවා එය පුනරුච්ඡාරණය කරමින් ප්‍රතිචාර දැක් වූ බව සන්නිවේදන සටහන්වල දැක්වෙනවා.

කිසිදු අවස්ථාවක යානයට ධාවන පථයට පිවිසීමට අවසර ලබා දුන් බවක් එම සටහන්වල දක්නට ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් අනතුරින් පසු ගිනිගෙන විනාශ වූ ගුවන් යානා දෙකෙහි පටිගත කිරීමේ යන්ත්‍රවල දත්ත මගින් අනාවරණය වන තොරතුරු මෙතෙක් හෙළි කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39