ජපානය සමග උපායමාර්ගික හා ගෝලීය හවුල්කාරිත්වයක් වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයාගෙන් විශේෂ වැඩපිළිවෙළක්

ආයෝජන සහ ආර්ථික සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී ඉන්දියාව සහ ජපානය අතර විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරීත්වය ගැඹුරු කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජපානයේ හිටපු අගමැති යොෂිහිඩේ සුගා සමඟ සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ රාජ්‍ය නිලධාරීන්,ජපාන ව්‍යාපාරික සම්මේලනය සහ ගනේෂා කණ්ඩායමේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින්, ජපාන-ඉන්දියානු සංගමයේ (JIA) සාමාජිකයින් ඇතුළු 100 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟින්.

එම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන්නේ ද යොෂිහිඩේ සුගායි. ඔහු සමගින් ජපානයේ මන්ත්‍රීවරුන් අතර ‘ගනේෂා කණ්ඩායම’ ලෙසින් හැඳින්වෙන කණ්ඩායමට අයත් සාමාජිකයින් පිරිසක්ද පැමිණ තිබුණා. ගනේෂා කණ්ඩායම යනු ජපානයේ දේශපාලන කටයුතු වල දී පාරම්පරික නොවන කෙටිකාලීන මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විත වැදගත් කණ්ඩායමක්.

ජපන් භාෂාවෙන් ගනේෂා ලෙස හඳුන්වන්නේ ව්‍යාපාර සහ වාසනාවේ සංකේතයයි.සුගාගේ පාලන සමයේදී ඔහුට දැඩි ලෙස සහය දැක්වූ පිරිසක් ලෙස  ගනේෂා කණ්ඩායම හැඳින්වෙනවා.ජපාන ඉන්දියානු සංගමයේ සාමාජික හමුවෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අපගේ විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ ආකර්ෂණීය සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

අග්‍රාමාත්‍ය මෝදි  “ගනේෂා නෝ කයි” පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඵලදායී අන්තර්ක්‍රියාකාරිත්වයක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලයද නිවේදනය කර තිබුණා.යෝගා සහ ආයුර්වේදය සම්බන්ධයෙන් ජපානයේ වර්ධනය වන ජනප්‍රියත්වය දෙපාර්ශ්වයම පිළිගත් අතර ඉන්දියාව සහ ජපානය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී අගමැති මෝදි ,ජපාන ව්‍යාපාරික සම්මේලනයේ සාමාජිකයින් ඉන්දියාවට පිළිගත් අතර ව්‍යාපාරික පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රට තුළ සිදු කර ඇති පුළුල් ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබුණා. ජපන් ආයෝජකයින්ට ඔවුන්ගේ පවතින ආයෝජන පුළුල් කිරීමට සහ සහයෝගීතාවයේ නව මාර්ග ගවේෂණය කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළා.

විශේෂ උපායමාර්ගික ගෝලීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ජපානය අතර සහයෝගීතාව ගැඹුරු කිරීම වැදගත් බවයි යොෂිහිඩේ සුගා මෙහිදී පවසා තිබුණේ.ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා දෙරටේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්ව කටයුතු කළ හැකි ආකාරයන් පිළිබඳ පිළිබඳව ද මෙහිදී  අවධානය යොමු වී තිබූ අතරජපානයේ ‘ගනේෂා’ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිත පිරිස ඉන්දියාවේ සංචාරය කිරීම ඉන්දියා-ජපාන සබඳතාවන්ට තවදුරටත් ශක්තියක් වන බවත් ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් වනු ඇති බවටත් සුගා විශ්වාසය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53