ජපානයේ රැකියා සඳහා හැකිතාක් ශ්‍රී ලාංකිකයින් බඳවාගන්නැයි ඉල්ලීමක්

ජපානයේ රැකියා සඳහා හැකිතාක් නොමිලේ ශ්‍රී ලාංකිකයින් බඳවාගන්නා ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපන් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

SSW වැඩසටහන හරහා ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ General Incorporated Foundation IM Japan ආයතනය විසින් අද (17) අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේබව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩ බලන සභාපති සමින්ද ජයසේකර මහතා සහ General Incorporated Foundation IM Japan ආයතනයේ අධ්‍යක්ෂ Toluca Kiyoshi මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර මෙම ගිවිසුම හරහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපන් නියෝජිතයන්ගෙන් ඉල්ලීම් ලර තිබෙනවා.

ජපන් රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී හැකිතාක් නොමිලේ බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීම් කළ අතර ඔවුන්ගේ සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ජපන් රජය සමග සමීපව කටයුතු කරන බවයි කියාසිටියේ.

ජපානයට ශ්‍රමිකයන් බඳවා ගනු ලබන IM Japan ආයනය විසින්, එම ආයතනය හරහා ජපානයට යවන ශ්‍රමිකයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් ජපන් නියෝජිතයන් පෙන්වා දී තිබෙනවා.

ස්ථාවර ක්‍රමවේදයක් යටතේ පුහුණු ශ්‍රමිකයන් ජපානයට යැවීම මගින්, වැඩි ජපන් රැකියා අවස්ථා ප්‍රමාණයක් ලංකාවට ලබාගත හැකි බව ජපන් නියෝජිතයන් පෙන්වා දුන් අතර, එසේ පුහුණු ශ්‍රමිකයන් පමණක් ජපානයට යැවීම සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේදී විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් පිටත් කර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

General Incorporated Foundation IM Japan ආයතනය සමග ඇති කරගත් ගිවිසුම අනුව ඉදිරියේදී තවත් වැඩි ශ්‍රමිකයන් සංඛ්‍යාවක් ජපානයට පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකළ අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14